Headlines News :
Home » , » ගම්පහ බන්ඩාරනායකයේ ගුරුවරු හයක් ට්‍රාන්සර්

ගම්පහ බන්ඩාරනායකයේ ගුරුවරු හයක් ට්‍රාන්සර්

Written By Unknown on Wednesday, March 5, 2014 | 7:55 AM

පසුගිය සදුදා ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයේසිසු විරෝධය හමුවේ පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේය ..පාසලේ වත්මන් විදුහල්පති ලාල් දිසානායක මහතාට විරුද්දව සිසුන් විසින් මෙම විරෝධතාව ඇරබුවේය .. බලධාරීන් ප්‍රකාශ කලේ මෙම ක්‍රියාව සඳහා සිසුන් පෙළඹ වූ ගුරුවරු කිහිප දෙනෙකු සිටින බවයි .. ඒ අනුව එලස හදුනා ගත් ගුරුවරු හයදෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද ප්‍රකාශ කළේය .. ශිෂ්‍යභට ඛණ්ඩ බාර ගුරුවරයා ඇතුළු වානිජ්‍ය අංශයේ සහ 6-11 අංශයේ ගුරුවරු හයදෙනෙකුට මෙසේ මාරුවීම ලැබී ඇත ..ගුරුවරියන් දෙදෙනෙකුද මීට ඇතුලත්ය .. පාසලේ වත්මන් තත්වය සලකා බලා 6,7,8,9 ශ්‍රේණි ලබන සදුදා නැවත ආරම්බ කිරීමට බලදාරින් තීරණය කොට ඇත .. නමුත් සිසු විරෝදයට හේතු වූ විදුහල්පතිවරයාට තවම මාරුවීම් ලැබී නොමැති වීම සිසුන් නැවතත් විරෝධතාවේ නියැලීමට හේතුවක් වනු ඇත ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා